GCE O/L Numeral Bases(Radix) Short Note- සංඛ්‍යා පාද කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Numeral Bases(Radix) Short Note- සංඛ්‍යා පාද කෙටි සටහන්

GCE O/L Numeral Bases(Radix) Short Note- සංඛ්‍යා පාද කෙටි සටහන්





(අ) දශමය සංඛ්‍යා (දහයේ පාදයේ සංඛ්‍යා),
* අප එදිනෙදා කටයුතු වලදී භාවිතා කරන හින්දු අරාබි ඉලක්කම් 0 සිට 9 තෙක් සංඛ්‍යා දශමය සංඛ්‍යා ලෙස හැදින්වේ.
 දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් කුලකය A ලෙස ගනිමු.
 A = { 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7, 8 , 9 }
(ආ) ද්විමය සංඛ්‍යා ( දෙකේ පාදයේ ),
* 0 හා 1 යන ඉලක්කම් දෙක පමණක් භාවිතා කර ලියනු ලබන සංඛ්‍යා ද්විමය සංඛ්‍යා ලෙස හැදින්වේ.
 ද්විමය සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් කුලකය B ලෙස ගනිමු
 B = { 0 , 1 }
(ඇ) හතරේ පාදයේ සංඛ්‍යා,
 * 0 , 1 , 2 , 3 යන ඉලක්කම් හතර පමණක් භාවිතාකර ලියනු ලබන සංඛ්‍යා හතරේ පාදයේ සංඛ්‍යා වේ.
 හතරේ පාදයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් කුලකය C ලෙස ගනිමු.
 C = { 0 , 1 , 2 , 3}
(ඈ) අටේ පාදයේ සංඛ්‍යා,
* 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 යන ඉලක්කම් අට පමණක් භාවිතා කර ලියනු ලබන සංඛ්‍යා ආටේ පාදයේ සංඛ්‍යා වේ.
 ආටේ පාදයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් කුලකය D ලෙස ගනිමු.
 D = { 0 , 1 , 2 , 3 , 4 , 5 , 6 , 7 }
(ඉ) ද්විමය සංඛ්‍යා එකතු කිරීමේ දී භාවිතා කරන ක්‍රම
0 + 0 = 0
0 + 1 = 1
1 + 0 = 1
1 + 1 = 10
(ඊ) ද්විමය සංඛ්‍යා අඩු කීරීමේ දී භාවිතා කරන ක්‍රම
0 - 0 = 0
1 – 0 = 1
1 – 1 = 0
10 – 1 = 1
පහත නිදසුන් සළකා බලමු.
නිදසුන 01
100දෙක
+10දෙක
110දෙක
නිදසුන 02
1100දෙක
+100දෙක
10000දෙක
නිදසුන 03
111දෙක
-10දෙක
101දෙක
නිදසුන 04
1001101දෙක
     -1011දෙක
  100001දෙක
(එ) දශම සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පත් කිරීම
* දෙන ලද සංඛ්‍යාව දෙකෙන් නැවත නැවත බෙදමින් ලබ්ධ්ය ශුනය වන තෙක් සූළු කළ යුතුය.
නිදසුන 01 
 28
 2/ 28
 2/ 14 - 0
 2/ 7   - 0
 2/ 3   - 1
 2/ 1   - 1
     0 
 11100දෙක
නිදසුන 02
45
2/45  - 1
2/22  - 0
2/11  - 1
2/5    - 1
2/2    - 0
2/1    - 1
  0
101101දෙක
(ඒ) ද්විමය සංඛ්‍යා දශම සංඛ්‍යා බවට පත් කිරීම
* දෙන ලද සංඛ්‍යාවේ ස්ථානීය අගය අනුව ඒ ඒ ඉලක්කම්වල වටිනාකම ගැනීමෙන් දශමය සංඛ්‍යාවක් ලෙස ලිවිය හැකිය.
ඉහත නිදසුන් දෙක නැවත සළකා බලමු.
නිදසුන 01
  11100දෙක
   =  1 * 2 + 1 * 23 + 1 * 22 + 0 * 2+ 0 * 20
   =  1 * 16 + 1 * 8  + 1 * 4  +  0 * 2 + 0 * 1
   =  16 + 8 + 4 + 0 + 0
   =  28
නිදසුන 02
101101දෙක
    =  1 * 2+ 0 * 24 + 1 * 2+ 1 * 22 + 0 * 21 + 1 * 20
    =  1 * 32 + 0 * 16 + 1 * 8 + 1 * 4 + 0 * 2 + 1 * 1
    =  32 + 0 + 8 + 4 + 0 + 1
    =  45

No comments:

Post a Comment