GCE O/L Simultaneous Equations Short Note- සමගාමී සමීකරණ කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Simultaneous Equations Short Note- සමගාමී සමීකරණ කෙටි සටහන්

GCE O/L  Simultaneous Equations Short Note- සමගාමී සමීකරණ කෙටි සටහන්



* අඥාත රාශින් කීපයක් ඇති සමීකරණ සමගාමී සමීකරණ වේ.රාශින් දෙකක් ඇත්නම් ඒවා අතර සම්බන්ධතා  2 ක් තිබිය යුතුය.
නිදසුන් 01
X   +   Y   =   5  -   (1)
X   +   Y   =    1  -  (2)
මෙහීදී පළමුව එක් රාශියක් ඉවත් කරගෙන එක් රාශියක පමණක් අගය සොයමු.
 ඉවත් කරන්නේ නම්, 1 වන  සමීකරණයෙන්  2 වන සමීකරණය  අඩු කළ හැකිය.
එවිට,
X  +  Y -  (X  - Y)        =  5  - 1
X +  Y  -  X  +  Y  =  0
2Y   =  4
Y  =  2
දැන්  Y ට ලැබුණු අගය එක් සමීකරණයක ආදේශ කිරීමෙන් X ට අගයක් ලබා ගත හැකිය.
 Y හි අගය , 1 වන සමීකරණය ආදේශ කිරීමෙන්
X +   Y   =   5
X   +  2  =   5
         X  =  3
සමාන රාශින් වල සංගුණක අසමාන වන අවස්ථාවක් ගනිමු.
නිදසුන් 02
2X  +  Y  =  3 – (1)
X +  3Y   =  4  - (2)
මෙහීදි එක් රාශියක සංගුණක සමාන කර ගත යුතුය.
ඒ සදහා 2 වන සමීකරණය  2න්  ගුණකර   X   වල සංගුණකය සමාන කර ගනිමු.
2X + 6Y  = 8  - (3)
එම සමීකරණය 3 වන සමීකරණය ලෙස දක්වමු.
දැන් 3 වන සමීකරණයෙන් 1 වන සමීකරණය අඩු කරමු.
2X + 6Y -(2X + Y ) =  8 – 3
   2X + 6Y  -2X  -Y  =  5
                       5Y  =  5
                        5       5
                         Y  =  1
Y හි අගය 1 වන සමීකරණයට ආදේශ කිරීමෙන්
2X + Y = 3
2X + 1 = 3
     2X  =  2
      2       2
      X  =  1
නිදසුන් 03
C  +   D   =  11  -  (1)
          3
  4C  -  D  =   17  - (2)
           2
සංගුණක සමාන කර ගැනීමට 1 වන සමීකරණය 4න් ගුණ කරමු
4C  +  4D  =  44  -  (3)
            3  
   දැන් 3 වන සමීකරණයෙන්  1 වන සමීකරණය අඩු කරමු   
4C  +  4D -  (4C  - D)    =  44 -17
            3          2  
4C   +   4D  -  4C   + D  =  27
              3                2
           8D   +  3D  *  6  =  27  * 6
                       6
                          11D    =    27
                          11             11
                               D   =  27
                                         11

D හි අගය  (1) සමීකරණයට අදේශ කිරීමෙන්
         C  +  D   =  11
                 3
C   +  27  *  1  =  11
         11      3
                 C   =   55  -  54
                                 5
               C     =   1
                           5

  සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසදීම
* සරල සමීකරණ ගොඩනැගී ආකාරයටම නමුත් අඥාත රාශින් 2ක් සහිතව සම්බන්ධතා 2ක් ගොඩනැගිය යුතු ය.
නිදසුන් 01
සංඛ්‍යා දෙකක ඓක්‍යය 30 ද අන්තරය 20 ද වේ. එම සංඛ්‍යා දෙක සොයන්න.
සංඛ්‍යා දෙක X   හා Y  ලෙස ගනිමු.
  X   +   Y   =   30   -   (1)
  X   -   Y    =   20   -    (2)
X  විචල්‍ය ඉවත් කිරීමට 1 වන සමීකරණයෙන් 2 වන සමීකරණය අඩු කිරීම
X +  Y - (X - Y)  =  30  - 20
                   2Y =  10
                   2        2
                    Y  =  5
Y හි අගය 1 වන සමීකරණයට ආදේශ කිරීමෙන්
          X + Y  =  30
        X  +  5  =  30
               X   =   30  - 5
               X   =  25
නිදසුන් 02
 මිනිසකුගේ දෛනික ආදායමේ දෙගුණයෙන් 100ක් අඩු  කළ විට ඔහුගේ බිරිදගේ දෛනික ආදායමේ දෙගුණයට සමාන බවද දෙදෙනාගේම ආදායම් එකතුව රැපියල් 750 /=
බවද ඔහු පවසයි.ඔහුගේ බිරිදගේ දෛනික ආදායම සොයන්න.
මිනිසාගේ දෛනික ආදායම රැපියල් ං ද, ඔහුගේ බිරිදගේ දෛනික ආදායම රැපියල් හ ද ලෙස ගනිමු.
 2X - 100 =  2Y -  (1)
 X  +  Y   =   750 – (2)
වන සමීකරණයෙන් වන සමීකරණය බෙදීම
  Y  =  X  - 50  -  (3)
3 වන සමීකරණය 2 වන සමීකරණයට ආදේශ කිරීමෙන්
       X  +  Y =  750
X + X -  50  =  750
              2X =  750+ 50
              2X = 800
              2        2
               X  =  400
X හි අගය 2 වන සමීකරණයට ආදේශයෙන්
     X + Y =  750
400 +  Y  =  750
           Y  =   750  -  400
           Y  =  350
එම නිසා මිනිසාගේ බිරිදගේ දෛනික ආදායම  රැපියල්  350/= කි.

No comments:

Post a Comment