Forget me not Sinhala PDF Free Download - මල් කිණිත්තක පුරාවෘත්තය PDF Free
මට මේ මල් දකින ගානේ මේ හැම මලක්ම කඩලා ඉවාන්ට තැපැල් කරන්න හිතෙනවා.🌼 "ඉවාන් සතුටින් ඇති.." ♥️ ඒත් ඉවාන්ට මාව අමතක නොවෙනවාටයි මම කැමති. මාත් එක්ක ඉද්දි ඒ ඇස්වල තිබුන හිනාව තියෝට කවදාවත් දකින්න නොලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක වැරදි ද ? 🥀 මල් එක්ක බැදුන මතක තියන ඒ ලස්සන තරුණයා(ඩේසි මල් හාදයා) මාත් එක්ක අද නෑ.. 🤍🥀 එයා ඉන්නවා. මගේ ලග නෑ. තවදුරටත් අපි මල් බලන්න අත් පටලගෙන යන්නෑ. රණ්ඩු වෙවි පින්තූර ගන්නෑ.. මල් ගහක් දැක්කම ගහ ලගට දුවන මගේ මග හැලෙන බෑග් එක, කුඩේ, වතුර බෝතලේ අහුලගෙන හිනාවෙවි පස්සෙන් එන්න එයා නෑ.. සමහර විට එයා තියෝ එක්ක ඊළග වසන්ත කාලෙදි මල් බලන්න යාවි. ඔයා හිතන්නේ එතකොට ඉවාන්ට මාව මතක් නොවේවිද ? 🌼♥️ ලබන වසන්ත කාලය ගැන ගස්වලට නම් ස්තීර බලාපොරොත්තු තියෙනවා. ඊළග දුරුතු සීතල එක්ක වසන්තයත්, මලුත්, මී මැසි ඔපෙරාත් හිමිවන වග ගස් දන්නවා. ඒත් මම විතරක් ඔහේ බලාගෙන ඉන්නවා. ජීවිතේයේ ආයේ කවදාක හරි වසන්තය ඒවිදැයි කිසිම විශ්වාසයක් නැතුව, ඒක හරි වේදනාකාරියි.🥀🖤 මේ අවුරුද්දෙ වගේම ලබන අවුරුද්දෙත් මේ කාලෙටම මල් පිපෙනවා, ඒ මල් වැටෙනවා, මල් ඔටුනු හැදෙනවා, මමත් ඉන්නවා, එයාත් ඉන්නවා. ඒත් අපි නෑ 🌼♥️🍃 -ඕල්‍යා- Forget me not - මල් කිණිත්තක පුරාවෘත්තය
No comments:
Post a Comment